දෙවන කොටස


                 දෙවන කොටස ආරම්භයේදීම වැදගත් පුද්ගලයෙක් ගැන මතක් කිරීම ඉතා වැදගත් වේ.ඔහු නමින් ජෝන් ඩෝල්ටන් (John Dalton) ය.1766 - 1844 අතර කාලයේ එන්ගලන්තයේ විසූ විද්‍යාඥයෙකි. පරමාණුක වාදය ඔහුගේ ඉදිරිපත් කිරීමක් විය.

ජෝන් ඩෝල්ටන්ගේ පරමාණුක වාදය

    ජෝන් ඩෝල්ටන් පරමාණුක වාදය ඉදිරිපත් කරනු ලැබුවේ පදාර්ථය අංශු වලින් හා හිස් අවකාශ වලින් සෑදී ඇති බව හෙවත් පදාර්ථයේ අසංතතික බව පදනම් කරගෙනය.පරමාණුක වාදයේ කියවුණ මූලික කරුණු 4 ක් පවතී. ඒවා නම්,

  • තවදුරටත් බෙදා වෙන්කල නොහැකි කුඩාම අංශුව පරමාණුව ලෙස හදුන්වයි.
  • පරමාණුව මවන්නට හෝ විනාශ කිරීමට නොහැකිය.
  • එකම මූලද්‍රව්‍යයේ සියලු පරමාණු සර්වසම වන අතර වෙනස් මූලද්‍රව්‍ය වල පරමාණු සෑම අතින්ම වෙනස් වේ.
  • පරමාණු සංයෝජනය වන්නේ සරල අනුපාත වලිනි.
   මෙම කරැණු වර්තමානය වන විට බිද වැටී පවතින බව ඒවා පිළිබද මදක් සිතා බැලීමේදී ඔබට පැහැදිලි වනු ඇත.තවද මෙම වාදය ඉදිරිපත් කරන කාලය තුළ පදාර්ථය හා විද්‍යුතය අතර සම්බන්ධය මූලිකව කථිකාවතක පැවතුන නිසාද මෙමගින් එම කරැණ පැහැදිලි නොවන නිසාද එතරම් පිළිගැනීමක් හිමි‍ නොවීය.

ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීම

‍  ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීමට මුල් වූයේ කැතෝඩ කිරණ නලයයි.වායු තුලින් විදුලිය යැවීම පිළිබද පරීක්ෂණ සිදුකල විද්‍යාඥයින් අතරින් ජූලියස් ප්ලකර් ( Julius Plucker ) සහ විලියම් කෲක්ස් ( William Crooks )ඉතා වැදගත් වේ.
ජූලියස් ප්ලකර් ( Julius Plucker )
විලියම් කෲක්ස් ( William Crooks )

   සොසේජයක් හැඩැති වීදුරැ නලයකට වායු නිදර්ශකයක් ඇතුළත් කර එම නලය දෙකෙලවර ලෝහ ඉලෙක්ට්‍රෝඩ දෙකක් යොදාගෙන විද්‍යුතය යැවීම සදහා ඉහල විභව අන්තරයක් ( 1kV - 5kV )යොදන ලදී.



      නමුත් කිසිදු වෙනසක් නොවූ නිසා රේචන පොම්පයක් මගින් ඇතුළත වාතය ඉවත් කරමින් පීඩනය 0.05 mmHg පමණ වනතෙක් අඩුකල විට කැතෝඩයේ සිට ඇනෝඩය දක්වා කිරණ විශේෂයක් ගමන් කරන බව සොයා ගන්නා ලදී.
   කැතෝඩයේ සිට ගමන් කරන බැවින් මේවා කැතෝඩ කිරණ ලෙස නම් කරන ලදී.

   මෙම කැතෝඩ කිරණ පිළිබද ගුණාත්මක් පරීක්ෂණ  J.J. තොම්සන් ( J.J. Thomson ) විසින් සිදුකරන ලදී.

J.J. තොම්සන් ( J.J. Thomson )
      1856 - 1940 අතර කාලයේ එන්ගලන්තයේ වි‍සූ විද්‍යාඥයෙකි. මොහු විසින් ඉලෙක්ට්‍රෝනය, සමස්ථානික,ස්කන්ධ වර්ණාවලි මානය, පොටෑසියම් වල විකිරණශීලීතාවය හා හයිඩ්‍රජන් පරමාණුවක එක ඉලෙක්ට්‍රෝනයක් පමණක් පවතින බව සොයා ගන්නා ලදී. ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීම වෙනුවෙන් 1906 දී නොබෙල් ත්‍යාගයද දිනා ගන්නා ලදී.



1 comment:

  1. වැඩි වැඩියෙන් දාන්න post

    ReplyDelete

Blogger Template by Clairvo