පලමු කොටස

     අවකාශයේ ඉඩක් අයත් කරගන්න වූ ඕනෑම දෙයක් පදාර්ථයක් ලෙස සරලව අර්ථ කථනය කල හැකිය.පදාර්ථයේ ස්වාභාවය අනුව එය ඝණ,ද්‍රව හා වායු ලෙස කොටස් තුනකට බෙදා දක්වනු ලබයි.අතීතයේ සිට මිනිසුන් පදාර්ථය සෑදී ඇති ආකාරය අධ්‍යනය කිරීමට උත්සාහ ගත් අතර පදාර්ථය හා විද්‍යුතය අතර සම්බන්ධයක් පැවතීම මගින් පදාර්ථයේ ස්වභාවය පිළිබද අවබෝධයක් ලබා ගැනීමට ඔවුන් උත්සුක වීය.
                 උසස් පෙළ විෂය නිර්දේශය තුළ පදාර්ථය හා ඝර්ෂණය පිළිබද සාක්ෂි අප දැන සිටිය යතුය.ඒවා පහත පරිදි දැක්විය හැකිය.

 ඝර්ෂනය මගින් පදාර්ථ වල ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිවීම.
        
         පදාර්ථ දෙකක් එකිනෙකට ඇතිල්ලීමේදී හෝ හොදින් ස්පර්ශ කර තැබීමේදී එම පදාර්ථ දෙකටම හෝ එකකට විවිධ ද්‍රව්‍ය ආකර්ෂනය කරගත හැකි ස්ථිති විද්‍යුත් ආරෝපණ ලැබෙන බව පෙනේ.එම පදාර්ථය හා විද්‍යුතය අතර සම්බන්ධයක් ඇති බවට සාක්ෂියකි.
               රෙදි මදින විට මදින ලද ඇදුමකට රෝම කූප ඇදී යාම, රෑපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත කරන විට  රෝම කූප ඇදී යාම, වියලි පෑනක් හිසකෙස් මත අතිල්වීමෙන් පසු පෑනය විවිධ ද්‍රව්‍ය ආකර්ෂනය වීම වැනි දෑ මෙයට උදාහරණ වේ.

විද්‍යුත් ධාරා මගින් පදාර්ථයේ වෙනසක්(රසායනික විපර්යාසයක්) ඇති කලහැකි වීම.

පදාර්ථයේ සංයුතියේ ඇතිවන වෙනස්කමක් රසායනික විපර්යාසයක් ලෙස කෙටියෙන් හැදින්වීය    හැකිය.පදාර්ථය තුලින් විදුලිය යැවීමේදී රසායනික විපර්‍යාස ඇති වේ.එයද පදාර්ථය හා විද්‍යුතය අතර සම්බන්ධයක් ඇති බවට සාක්ෂියකි.         


උදාහරණ 1 
සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) ජලීය ද්‍රාවණයකට මිනිරන් ඉලෙක්ටෝඩ දෙකක් යොදා භාහිර විභව අන්තරයක් මගින් ද්‍රාවණය තුලින් විදුලිය යැවීමේදී රසායනික විපර්යාස කිහිපයක් දැකිය හැකිය.
  1. ඇනෝඩය අසලින් ක්ලෝරීන්(Cl2) වායුව පිටවීම.
  2. කැතෝඩය අසලින් හයිඩ්‍රජන්(H2) වායුව පිටවීම.
  3. අවසාන ද්‍රාවණය භාෂ්මික වීම.



ජලීය යන අර්ථය යෙදෙන ඕනෑම ද්‍රාවණයක OH-1 හා H+1 අයන පවතී. එම නිසා සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) ජලීය ද්‍රාවණය තුළ  Na+1,Cl-1 ,OH-1 හා H+1යන අයන පවතී.මෙහි ඇනෝඩය ධන වන අතර කැතෝඩය ඍණ වේ. සමාන ආරෝපණ විකර්ෂනය හා විරැද්ධ ආරෝපණ ආකර්ෂනය වන බැවින් ඇනෝඩය දෙසය ඍණ අයනද කැතෝඩය දෙසට ධන අයනද ගමන් කරනු ලබයි.

ඇනෝඩය අසලදී ඔක්සිකරණ සිදුවන අතර කැතෝඩය අසලදී ඔක්සිහරණය වීම සිදුවේ.එමෙන්ම මූලද්‍රව්‍ය කිහිපයක් අතරින් සක්‍රියාතා ශ්‍රේණියේ පහලින් සිටින මූලද්‍රව්‍ය ඉක්මනින් ඔක්සිකරණය හා හරණය වීම සිදු කරගනී.(මේ පීළිබද පුළුල් ලෙස පසුපෙල පාඩමකදී අධ්‍යනය කරන බැවින් වැඩිදුර ඉගෙනීම අවශ්‍ය නොවේ.)

ඒ අනුව,ඇනෝඩය හා කැතෝඩය දෙසට යන අයන අතරින් හයිඩ්‍රජන් කැතෝඩයේදී ඔක්සිහරණය වීම ‍සිදුවේ.ක්ලෝරීන් අයන ඔක්සිකරණය වීම සිදුවේ.
                                              H+  +  e  à H
                                              Cl-  à Cl  +  e

අවසානයේ ද්‍රවණයේ හා ඉතිරි වන බැවින් ද්‍රවණය භාෂ්මික වේ.එය රතු ලිට්මස් නිල් පැහැයට හැරීම මගින් තහවුරැ කර/ත හැකිය.

උදාහරණ 2 


ජලීය CuSOද්‍රාවණයකට Cu ඉලෙක්ට්‍රෝඩ දෙකක් යොදා ද්‍රාවනය තුලින් විද්‍යුතය යැවීමේදී ඇනෝඩය වන Cu ඉලෙක්ට්‍රෝඩය දියවේ.කැතෝඩය මත Cu තැන්පත් වේ.

එනම් ඇනෝඩයේ බර අඩුවන අතර කැතෝඩයේ බර වැඩි වේ.අවසාන ද්‍රාවණයේ වෙනසක් සිදු වී නැත.(ඉවත් වන Cu නැවත ද්‍රාවනයට පැමීණිම එයට හේතුවයි.)

අයණ සහිත ද්‍රාවණයකින් විදුලිය ගමන් කිරීමේදී රසායනික විපර්යාස සිදුවීම විද්‍යුත් විච්ඡේදනය ලෙස හදුන්වයි. විද්‍යුත් රසායනයේදී මේ පිළිබද තවදුරටත් පුළුල් ලෙස අධ්‍යනය කරනු ලබයි.

පදාර්ථ වල සිදුවන රසායනික විපර්යාස නිසා විද්‍යුත් ධාරා ඇතිවීම.

විවිධ පදාර්ථ වල ඇතිවන රසායනික විපර්යාස නිසා විද්‍යුතය ඇතිවේ.එලෙස විද්‍යුතය ඇති වීමට නම් පදාර්ථය හා විද්‍යුතය අතර සම්බන්ධයක් පැවතිය යුතුය.



උදාහරණ

තනුක H2SOජලීය ද්‍රාවණයක Cu කූරක් හා Zn කූරක් ගිල්වා ඒවා සන්නායකයකින් සම්බන්ධ කොට ඊට බල්බයක් සම්බන්ධ කල විට සුලු වේලාවකට බල්බය දැල්වේ.

දෙවන පාඩම >>>>>

0 comments:

Blogger Template by Clairvo